Home » කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් යලි ඇරඹේ

කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් යලි ඇරඹේ

by chanaka
January 22, 2025 10:22 am 0 comment

දහස් ගණන් ජනතාවගේ ගමනාගමන කටයුතු පහසු කරමින් කින්නියා කුරින්චර්කනි පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ සිය ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන 10.5ක මුදලක් වෙන් කෙරේ.

ඒ අනුව, පේරාදෙණිය බදුල්ල සෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල් මොසෙන් ඒ අල්මුල්ලා මහතා විසින් සිදු කරන ලදී.

එම සංශෝධිත ගිවිසුම් මගින් පේරාදෙණිය බදුල්ල සෙංකලඩ් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධන ව්‍යාපෘතිය වෙත මාරුකිරීමට අපේක්ෂිත අතර, එය කුරිචර්කනි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙන් කරනු ඇත.

මෙම පාලම ඉදිකිරීමෙන් ප්‍රවාහන අපහසුතා රැසකට විසඳුම් ලබා දීමට නියමිතය.

 

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT