ඉන්දියාවේ පැවති පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනට ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනම නියෝජනය කරමින් සහභාගී වූ ත්‍රෛයිනිකායික භික්ෂූන් වහන්සේලා එකොළොස් දෙනෙකු ඊයේ (21 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කළහ .
ඔවුන් පුරා මාසයකට අධික කාළයක් ඉන්දියාවේ බුද්ධගයා , නාලන්දා පෞරාණික විශ්ව විද්‍යාලය , කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පැරණි විහාරස්ථාන වල අධ්‍යයන චාරිකා වල නිරත වෙමින් ථේරවාදී සහ මහායාන බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සම – විෂමතා හදුනා ගැනීම සදහා විනය , සූත්‍ර , අභිධර්ම සහ මධ්‍යම ප්‍රතිපදාව යන තේමා ඔස්සේ සිය අධ්‍යයන කටයුතු වල ද නිරත වී තිබේ .
මෙම වැඩසටහන අතරතුර ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් නුවර බෞද්ධ විහාරස්ථානයක් වෙත වැඩම කර සිටි දළයිළාමා තුමා දැක බලා ගැනීමේ අවස්ථාව ද , මෙම භික්ෂූන් වහන්සේලා පිරිසට උදා වී තිබුණි .
මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකාව ,ඉන්දියාව , ටිබෙටය , තායිලන්තය , දකුණු කොරියාව , වියට්නාමය , භූතානය යන රටවලින් ද භික්ෂුන් වහන්සේලා 50 දෙනෙකු පමණ සහභාගී වී සිටියහ .