Wednesday, April 23, 2025
Home » මහනුවර – මහියංගනය මාර්ගය යළි විවෘත කරයි

මහනුවර – මහියංගනය මාර්ගය යළි විවෘත කරයි

by yasara
January 22, 2025 9:36 am 0 comment

අවදානම් තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ වසා දැමුණු මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කර තිබෙයි

මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ අවදානම් සහිත තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයන්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා රාත්‍රී කාලයේදී මාර්ගය වසා දැමීමට තීරණය කළ බවයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ මහනුවර මහියංගනය උඩුදුම්බර කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් මාර්ගය වසා දැමීමට පියවර ගැනුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT