Home » මාස 24ට රනිල් රට සවාරි 25යි

මාස 24ට රනිල් රට සවාරි 25යි

-සියලු තොරතුරු මැතිසබයට දෙන බව ඇමැති නලින්ද කියයි

by sachintha
January 22, 2025 1:56 am 0 comment

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයෙහි කටයුතු කළ මාස 24 ක කාල සීමාව තුළ විදෙස් සංචාර 25 ක නිරතවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයා නිරත වූ සංචාර සම්බන්ධයෙන් වන සියලු තොරතුරු, වියදම් ආදිය ගණනය කළ යුතු බැවින් එම සංචාරයන්ට අදාළ සියලු තොරතුරු සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරිය කාලය ඉල්ලා ඇති බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය අදාළ ප්‍රශ්නය අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය වෙත යොමුකර තිබිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT