ඔහු ගේ පෑනට උතුරේද, දකුණේද,
කඳුකරයේද මනුෂ්‍යත්වය විෂය විය.
පීඩිතයාගේ තැන සිට ගැනීමට
ඔහු ඒ සෑම විටෙකම
නොපැකිළිව ඉදිරිපත් විය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
හෙතෙම ‘මහත්මයෙක්’ විය.
ඉකුත් සතියේ තවත් මිනිසෙක් සොබාදහමට එකතු වූයේ ය. හේ ඇන්තනී ජීවා ය.
බොහෝ දෙනකුට ඔහු ‘ජීවා අයියා’ හෝ නිකම්ම නිකම් ‘ජීවා’ වුවත්, අපට ‘ජීවා මහත්තයා’ විය.
ලාංකේය දමිළ සාහිත්‍යකලා ක්ෂේත්රය තුළ පවා උතුරට හා කඳුකරයට විශේෂ වූ යම් යම් වෙනස්කම් තිබියදී, ඔහුගේ පොහොසත් හදවතට දමිල-දමිල හෝ සිංහල-දමිල හෝ වෙනත් වාර්ගික හෝ කුල ගෝත්‍රික සීමාකම් අංශු මාත්‍රයකින් හෝ අදාළ වූයේ නැත. දකින හැම මොහොතකම සුන්දර සිනහවකින් කාටත් සුහදත්වයේ දෑත දිගු කළ ඔහු ගේ පෑනට උතුරේද, දකුණේද, කඳුකරයේද මනුෂ්‍යත්වය විෂය විය. පීඩිතයාගේ තැන සිට ගැනීමට ඔහු ඒ සෑම විටෙකම නොපැකිළිව ඉදිරිපත් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙතෙම ‘මහත්මයෙක්’විය.
එවක ‘ලංකා’පුවත්පතට සමගාමීව දමිල මාධ්‍ය යෙන් ප්‍රකාශයට පත්වූ ‘දේශම්’පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූයේ ඔහු ය. (කොඑන්දු) සඟරාවේ කර්තෘවරයා වූයේ ද ඔහු ය. ලේඛකයෙකු, පුවත්පත් කලාවේදියකු, නාට්‍යකරුවකු ලෙස තමාගේ සලකුණු තබන අතරේ හෙතෙම විවිධ හේතු නිසා මගහැරී ගිය කඳුකරයේ අනන්‍යතාව ලෝකය හමුවේ තැබීමට උරදුන් මිනිසුන් හඳුන්වාදීමටද, පුරෝගාමී විය. කඳුකර සාහිත්‍යකරුවන්, භාෂා ප්‍රවීණයන් සහ සටන්කරුවන් ඇතුළු 12 දෙනකුගේ තොරතුරු ඇතුළත් ‘මලෛයග මාණික්කංගල්’ (කඳුකර මාණික්‍යයන්) නමැති ග්රන්ථ ප්‍රකාශයට පත් කිරීම, එබඳු එක් අවස්ථාවකි.
සොබාදහමට අවනතව එවැනි මිනිසුන් අප හැරයාම කනගාටුවට කරුණක් වුවද, ඔවුන් ඉතිරි කර යන දෑ ගැන අප්‍රමාණ ගෞරවයක් අපට ඇත.