ඉන්දියාවේ මැංගලෝර්හි පැවති පළමු දකුණු ආසියානු ප්රවීණයන්ගේ මලල ක්රීඩා තරගාවලියේදී පදක්කම් 5ක් දිනා ගැනීමට රසික දුෂාන්ත විජේසේන සමත් විය. අවුරුදු 35-39 වයස් කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි රසික මීටර් 100 ඉසව්ව තත්පර 11.03කින් නිමා කරමින් රන් පදක්කම දිනා ගත්තේ දකුණු ආසියාවේ වේගවත්ම ප්රවීණ මලල ක්රීඩකයා බවට ද පත් වෙමිනි. ඔහු එම වයස් කාණ්ඩයෙන් මීටර් 100 ඉසව්වේ ශ්රී ලංකා ප්රවීණ මලල ක්රීඩා වාර්තාව අලුත් කිරීමට ද සමත් විය.
පසුගිය වසරේ 10 වැනි වරට පැවති ජාතික ප්රවීණයන්ගේ මලල ක්රීඩා තරගාවලියේදී අදාළ වයස් කාණ්ඩයෙන් මීටර් 100 ඉසව්ව තත්. 11.20 කින් නිමා කරමින් ඔහු විසින්ම මෙහි පැරණි වාර්තාව තබා තිබිණි. මීටර් 100 ඉසව්වට අමතරව මීටර් 200 ඉසව්ව තත්. 23.20කින් නිම කරමින් රන් පදක්කම දිනාගත් රසික දුර පැනීමේ ඉසව්වෙන් තෙවැනි ස්ථානය දිනා ගත්තේය. එමෙන්ම එම වයස් කාණ්ඩයේ මීටර් 100 පිරිමි සහ මීටර් 400 මිශ්ර සහාය ඉසව්වලින් රන් පදක්කම් දිනාගත් කණ්ඩායම්වල සාමාජිකයෙක් ද විය. ඔහු වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මේ තරගාවලියට එක්විය.