අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් වැස්සට සේදී යද්දී නිමා වූ සතියේ ජයග්‍රහණය වාර්තා කළ එකම කණ්ඩායම බවට පත්වීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. මොරටුවේදී ඊයේ නිමාවූ මේ තරගයෙන් මුවර්ස් පිල හමුවේ නුගේගොඩ ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 73කින් පරාජයට පත් විය.
ජයග්‍රාහී මුවර්ස් පිල වෙනුවෙන් සිතාරා ගිම්හාන් ශතකයක් (134) වාර්තා කළ අතර, මදුක ලියනපතිරණ කඩුලු 5ක් බිඳ දමමින් නුගේගොඩ පිල වෙනුවෙන් දස්කම් දැක්වීය. මේ අතර තරග 6ක් වාර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමාවූ අතර, එහිදී පළමු ඉනිමේ ජයග්‍රහණ හිමි කර ගැනීමට බදුරලිය, පානදුර, බීආර්සී සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජ සමත් විය.
බදුරලිය ක්‍රීඩා සමාජයේ ගීත් කුමාර නොදැවී ලකුණු 165ක් රැස් කරමින් මේ සතියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ පිතිකරු බවට පත් විය. මේ ශතකය ඔහුගේ සිවුවැනි පළමු පෙළ ශතකය විය.
ප්‍රමෝද් මදුවන්ත (මීගමුව), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), කුසල් මෙන්ඩිස් සහ චමිඳු වික්‍රමසිංහ (එස්එස්සී) ද මේ තරගවලදී ශතක වාර්තා කළහ.
බදුරලිය ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි රාගමට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 37කට කඩුලු 8ක් බිඳ දමමින් සතියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර, එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ද විය. ඔහු දෙවැනි ඉනිමේදී දවාගත් කඩුල්ලත් සමඟ ලකුණු 68කට කඩුලු 9ක් දවා ගැනීම තරගයක හොඳම පන්දු යැවීම විය.
අරවින්ද ප්‍රේමරත්න (කුරුණෑගල) කඩුලු 7ක් සහ නිමේෂ් විමුක්ති (පානදුර) කඩුලු 6ක් බිඳ දැමූ අතර, දිලුම් සුදීර (පොලීසිය), අකිල ධනංජය (කෝල්ට්ස්), මොහොමඩ් ශිරාස් (බීආර්සී), රවිඳු ප්‍රනාන්දු (බ්ලූම්ෆීල්ඩ්) සහ දුවිඳු තිලකරත්න (හලාවත) කඩුලු 5 බැගින් දවා ගත්හ.
නිරෝෂාන් ප්‍රියංකර