දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ජාක් ගුණවර්ධන හා දක්ෂතම රියැදුරා ලෙස උෂාන් පෙරේරා සුපර් සීරීස් මෝටර් රථ ශූරතා දිනා ගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බළකා නිලධාරී නිවස්නයේදී ඉකුත්දා මේ සම්මාන ශූරතා ප්‍රදානය සිදු විය. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය 2024 වසර තුළදී නියෝජනය කළ තරගකරුවන් උදෙසා වාර්ෂික ශූරතා කුසලාන ප්‍රදානය සිදු විය.
ඉකුත් වසරේ ‘ශ්‍රී ලංකා සුපර් සීරීස්’ තරගාවලියට සිංගල් ට්‍රී කඳු තරණය, මහමේරුව රැලික්‍රොස් හා කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලි දක්ෂතා අනුව වැඩිම ප්‍රසාද ලකුණු හිමිකරගත් ජයග්‍රාහකයන් වෙත මේ වාර්ෂික ශූරතා කුසලාන ප්‍රදානය සිදු කෙරිණි.
එස්.එල්.ජී.ටී. 3500 සී.සී. තරග ඉසව්වේ වැඩිම ප්‍රසාද ලකුණුලාභියා වූ උෂාන් පෙරේරා දක්ෂතම රියැදුරා ලෙස ශූරතා කුසලාන දිනාගත් අතර, එම්.එක්ස්. 250 සී.සී. මෝටර් ක්‍රොස් යතුරුපැදි ඉසව්ව නියෝජනය කළ ජාක් ගුණවර්ධන වැඩිම ප්‍රසාද ලකුණු ගෙන දක්ෂම ධාවකයා ලෙස ශූරතාවය දිනා ගත්තේය.
සෙසු සහායක තරග ඉසව්වලින් එස්.එල්.එන්. ෆෝඩ් ලේසර් / මැස්ඩා 1300 සී.සී. ඉසව්වෙන් තනුක ලියනාරච්චි, එස්.එල්. ඊ. නිසාන් මාච් 1000 සී.සී. තරග ඉසව්වෙන් සුරේන් කුරේ, එස්.එල්.එන්. ෆෝඩ් ලේසර් / මැස්ඩා 1500 සී.සී. ඉසව්වෙන් තරිඳු ධර්මරත්න, එස්.එල්.ඊ. ෆෝඩ් ලේසර් / මැස්ඩා 1300 සී.සී. ඉසව්වෙන් අනුරාධ නවරත්න, එස්.එල්.එච්. සුභාරු ලෙගසී 2000 සී.සී. තරග ඉසව්වෙන් අවිෂ්ක ප්‍රේමදාස, එස්.එල්. එච්. නිසාන් මාච් 1300 සී.සී. තරග ඉසව්වෙන් අදීශ කිත්විත්, එස්.එල්. ට්‍රක් හා ජීප් රථ විවෘත තරග ඉසව්වෙන් උෂාන් පෙරේරා හා එස්.එල්. ට්‍රක් හා ජීප් රථ (ඩීසල්) 5500 සී.සී. තරග ඉසව්වෙන් බුද්ධික රුක්ලන්ත මෝටර් රථ ශූරතා කුසලානයන්ට හිමිකම් කීහ.
එම්.කාණ්ඩයේ සුපර් ස්පෝට් 250 සී.සී. විවෘත යතුරුපැදි ඉසව්වෙන් කසුන් ඩී. සුබසිංහ, ජේ. කාණ්ඩයේ එම්.එක්ස් 50 සී.සී. යතුරුපැදි තරග ඉසව්වෙන් එම්.ආර්.එම්. අනබී, ජේ. කාණ්ඩයේ එම්. එක්ස් 65 – 85 සී.සී. (2ටී) තරග ඉසව්වෙන් ටී.එස්. නිම්සර අබේරත්න, ජේ. කාණ්ඩයේ එම්.එක්ස්. මෝටර් ක්‍රොස් 85 සී.සී. ඉසව්වෙන් සදේව් අමරසිංහ හා එම්. එක්ස් සුපර් මෝටාඩ් විවෘත ඉසව්වෙන් පැතුම් ධනංජය ශූරතා කුසලානයන් දිනාගත් අතර, වසරේ කණ්ඩායම් මෝටර් රථ කුසලානය නිපෝන් පේන්ට් කණ්ඩායම නියෝජනය කළ උෂාන් පෙරේරා, අදීශ කිත්විත් හා කළමනාකරු හර්ෂ පතිරත්න දිනා ගත්හ.
ගීෂා මුණසිංහ