ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධාන කළ ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට විශ්‍රාමික වින්ග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන සමත්වූ අතර, ප්‍රවීණා දුනුවිල කාන්තා ශූරතාව දිනා ගත්තාය.
දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා ත්‍රිකුණාමලය, චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේ පැවති ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ ඊගල්ස් අභියෝගතා කුසලානය ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දුට සහ කාන්තා ශූරතාව වින්ග් කමාන්ඩර් ලක්ෂ්මි කොටුවේගෙදරට හිමි විය.
ඩයලොග් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අනුග්‍රාහකත්වය යටතේ 12 වැනි වරටත් පැවති ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද එම අවස්ථාවට එක්වූහ.
ෆවුස් මොහොමඩ්