අම්බලන්තොට පෞද්ගලික හෝටලයක පසුගියදා (18) පැවති මංගල සාදයකදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථයක පැමිණි පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් මත මෝටර් රථය හඹා ගිය පුද්ගලයකු එහි එල්ලී යෑම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව අම්බලන්තොට පොලීසිය පැවසීය.
මෝටර් රථයෙන් පැමිණි පිරිස හඹායමින් සිටි පුද්ගලයා රථයේ එල්ලී මෝටර් රථය සමඟ ඉදිරියට ගමන් කිරීමේදී මාර්ගයේ දෙපා ගැටීමෙන් මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තුවාල ලත් පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් නිලධාරින් ඊයේ දින (20) පිටත් කර යැවූ බවත් අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත ලාල් මහතා කීය.
සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත්, එම පුද්ගලයන් දැනට ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවට ආරංචි ලැබී තිබෙන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ලුණම සමූහ – සනත් ගමගේ