19
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා තල්මසුන්ගේ අම්බර (තල්මසුන්ගේ වමනය) කිලෝග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවකු යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (19) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ධීවරයෙකි. ඔහු සිය නිවෙසේ මෙම තල්මසුන්ගේ අම්බර තොගය සඟවා තබාගෙන මීගමුවේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට සූදානමින් සිටියදී පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවෙස වටලා අම්බර සොයාගෙන ඇත. සකකරු යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණ.
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ