Home » IMF ගිවිසුම ගැන රජයේ ස්ථාවරය

IMF ගිවිසුම ගැන රජයේ ස්ථාවරය

by chanaka
January 21, 2025 3:26 pm 0 comment

ජනතාවට වැඩි සහන ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම රජය විසින් සමාලෝචනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම දැනටමත් යම් ප්‍රමාණයකට සමාලෝචනය කර ඇති අතර ඇතැම් බදු සහන ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සඳහා උපයන විට ගෙවන බද්ද රුපියල් 150,000 දක්වා වැඩි කිරීම, කිරි ආහාර සඳහා වැට් බද්ද නිදහස් කිරීම සහ පාසල් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍යතා ඇති සියලුම දරුවන්ට රුපියල් 6,000ක් ගෙවීම ද ඇතුළත් බව ඔහු කියා සිටියේය.

මෙම සහනය අස්වැසුම නොලබන පවුල්වල දරුවන්ට ද විවෘත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT