Sunday, April 20, 2025
Home » කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන පර්මිට් දෙන්නේ නැහැ – ඇමැති විජිත

කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන පර්මිට් දෙන්නේ නැහැ – ඇමැති විජිත

by chanaka
January 21, 2025 3:17 pm 0 comment

මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රාජකාරීමය අවශ්‍යතාවය සඳහා ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට වාහනයක් තිබිය යුතු බවට පිළිගන්නා බව ඊයේ (20) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බවත් එම ලබාදෙන වාහනය ඉවත් වන අවස්ථාවේදී යළි රජයට භාරදීම හෝ එහි වටිනාකම ගෙවා තමන් සතු කර ගැනීමට හැකි වන ආකාරයෙන් කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT