සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එකතුවක් සඳහා සාකච්ඡා ඇරඹීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (20) ඒකමතික තීරණයකට පැමිණියේය.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
සමගි ජන බලවේගය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කොට එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරි මැතිවරණවලදී තරග කිරීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තීරණයට එළැඹ ඇත.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවීමේ සාකච්ඡා එජාප පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය.
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසූවේ පක්ෂයේ අනුමැතියකින් තොරව රවි කරුණානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාම සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි.