57
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මඩකලපුව පාරිභෝගික කටයුතු නිලධාරීන් විසින් ඔට්ටමාවඩි 02 ප්‍රදේශයේ ගබඩාවක් පරික්ෂා කිරීමේදී එම ගබඩාව තුල තිබී ඉන්දියාවේ සිට ලංකාවට ආනයනය කර මෙරට සහල් බව සඳහන් කරමින් වැඩි මිලට අළෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් කිලෝ ග්‍රෑම් 21000ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
ඒ සමඟ සැකකාර් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස සොයා ගැණුනු ආනයනික සහල් තොගය කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ මිටි 700ක බහා තිබී ඇත.
එලෙස සොයා ගන්නා ලද සහල් තොගය සහ සැකකරුවන් දෙදෙනා පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වේ.