Home » ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩුවෙයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩුවෙයි

by chanaka
January 21, 2025 4:01 pm 0 comment

2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 දෙසැම්බර් මාසය සඳහා -2.0% ක් දක්වා අඩු වී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද(21) දින, 2024 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කරමින් මේ බව පවසයි.

2024 නොවැම්බර් මාසයේ දී 0.0% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී -1.0% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2024 නොවැම්බර් මාසයේ දී -3.1% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේ දී -2.9% ක් දක්වා වැඩි වී ඇතැයි ද සදහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT