Home » අම්පාර ගල්ඔයේ ඉවුරු කැඩෙයි: කුඹුරු අක්කර 1000ක් යටවෙයි

අම්පාර ගල්ඔයේ ඉවුරු කැඩෙයි: කුඹුරු අක්කර 1000ක් යටවෙයි

by sachintha
January 21, 2025 1:26 am 0 comment

ඇඳ හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අම්පාර ගල්ඔය ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් මාර්ගයේ ඉවුරක් කැඩීගොස් දීඝවාපිය, සමන්තුරේ ප්‍රදේශවල කුඹුරු අක්කර 1000ක් ජලයෙන් යටවී තිබේ.

මේ ඉවුර ගංවතුර නිසා මෙසේ කැඩී ගිය සිව් වන අවස්ථාව මෙය වන අතර මීට පෙර ගිය වසරේ පමණක් ජනවාරී හා නොවැම්බර් මාසවල ගංවතුරවලට දෙවරක් මේ බැම්ම කැඩී ගියේය. මෙයින් ජන ජීවිතවලට බලපෑමක් නැතත් ගොවි ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබේ. අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැළුණු වර්ෂාව සමඟ ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මේ තත්වය උදාවී තිබෙන අතර දීඝවාපි පුරාණ රාජමහා විහාරස්ථානයද ජලයෙන් යටව තිබේ. ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබීම නිසා සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 108 අගල් 03 දක්වා ඉහළ ගොස් ඇති බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා සඳහන් කළේය. මේ වන විට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 05ක් අඟල් 15 බැගින් විවෘත කර ඇති අතර එයින් තප්පරයකට ඝන අඩි 1,177 බැගින් ජලය නිකුත් වෙන බවද පැවසීය. තවදුරටත් වැසි ලැබී ඉඟිණියාගල සේනානායක සමුද්‍රය වාන් දැමීම ආරම්භ කළහොත් ඇතිවිය හැකි තත්වය පාලනය කිරීමට දිසාපතිවරු අතර සාකච්ඡා පැවැත්වේ.

දිගාමඩුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT