Saturday, April 19, 2025
Home » ‘ක්‍රිෂ්’ සභාපති ඉන්දියාවේදී අත්අඩංගුවට

‘ක්‍රිෂ්’ සභාපති ඉන්දියාවේදී අත්අඩංගුවට

by sachintha
January 21, 2025 12:25 am 0 comment

ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා වන ක්‍රිෂ් සමාගමේ සභාපති අමිට් කට්යාල් මහතා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ වන අතර ඉන්දීය රුපියල් කෝටි 20කට අධික වත්කම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

කොළඹ නගරයේ අක්කර 4ක ඉඩමක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘති සහ බදු අයිතිය ඇතුළුව රුපියල් කෝටි 224.08ක් පමණ වටිනා දේපළ රාජසන්තක කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය අධිකරණයේ පවතින ක්‍රිෂ් රියල් ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළු කිහිප දෙනකුට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළවය. කොළඹ නගරයේ ක්‍රියාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතියේ ප්‍රවර්ධකයා වන අමිට් කට්යාල් මහතා මෙලෙස ඉන්දියාවේ මූල්‍ය අපරාධ විරෝධී විමර්ශන අංශය හෙවත් ඊඩී මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT