Home » බහලුම් තදබදය සිකුරාදා අවසන්

බහලුම් තදබදය සිකුරාදා අවසන්

-රේගු මාධ්‍ය ප්‍රකාශක

by sachintha
January 21, 2025 12:22 am 0 comment

රේගු නිෂ්කාශන කටයුතු ප්‍රමාදය හේතුවෙන් වරාය හා ඒ අවට උද්ගතව ඇති බහලුම් තදබදය එළඹෙන සිකුරාදා වන විට අවසන් වනු ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ කෙරවලපිටියේ යෝජිත බහලුම් නිෂ්කාශන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (20) සහභාගි වෙමිනි.

ඒ මහතා මෙසේ ද පැවසීය.

බහලුම් තදබදය විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ පියවර රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව බහලුමක් රැගත් ලොරි රථයකට මින් පෙර දින අටක් පමණ පෝලිමේ රැඳී සිටීමට සිදුවුවත් වර්තමානය වන විට එහි කාලය දින දෙකකට පමණ සීමා වී තිබෙනවා. එළඹෙන සිකුරාදා වන විට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට හැකි වෙනවා.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT