Monday, April 21, 2025
Home » රථවාහන වැරදි කළමනාකරණය වෙනුවෙන් නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසියට

රථවාහන වැරදි කළමනාකරණය වෙනුවෙන් නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසියට

by chanaka
January 21, 2025 4:18 pm 0 comment

ශ්‍රී ලංකා පොලිසිය මගින් CCTV කැමරා ඔස්සේ රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර එම රථවාහන රියදුරන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම CCTV කොට්ඨාසය මගින් දැනටමත් සිදු කරනු ලබයි.

එම ක්‍රියාවලිය කාර්යක්ෂමව හා නව තාක්ෂණය ඔස්සේ පවත්වාගෙන යාම සදහා නව මෘදුකාංගයක් Prima Management Services (pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙත පිරිනැමීම අද(21) සිදු විය.

ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් CCTV දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී. පී. ගමලත් මහතා බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ තාක්ෂනය යොදා ගනිමින් පැහැදිලි කිරීමක් ද සිදු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT