Home » කොල්කටා කනිෂ්ඨ වෛද්‍යවරිය ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

කොල්කටා කනිෂ්ඨ වෛද්‍යවරිය ඝාතකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

by chanaka
January 21, 2025 4:32 pm 0 comment

ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ ආර්ජී කාර් රෝහලේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ස්වේච්ඡා සේවකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබේ.

කෙසේවෙතත්, ඔහුට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වූ බවත් ඇගේ මිනීමරුවා එල්ලා මරා දමනු ඇතැයි බලාපොරොත්තු වූ බවත් වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර ඇත.

එහෙත් මෙම නඩුවේ විනිසුරු අනිර්බන් දාස් මෙම නඩුව “දුර්ලභම නඩු වලින් දුර්ලභ” නොවන බැවින් මරණ දණ්ඩනයට සුදුසු නොවන බව සඳහන් කර තිබේ.

මියගිය වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු 9 වැනිදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීය.

මේ සිද්ධිය ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස වෛද්‍යවරිය ඝාතනයට ලක්වූ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම නඩුවේ එකම වරදකරු වන රෝයිට මරණීය දණ්ඩනය ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනය ගොනු කරන ලෙස අධිනීතිඥ ජනරාල් කිෂෝර් දත්තා විනිසුරු දෙබංසු බසාක් ප්‍රමුඛ කොට්ඨාශ විනිසුරු මඩුල්ලක් වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT