අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට ආසියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිට සහ ඔහුගේ බිරිය නීටා අම්බානිට ද ඇරැයුම් ලැබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. දිවුරුම්දීමට පෙර දින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිය මෙලනියා විසින් වොෂින්ටන් නුවරදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයට ද අම්බානි යුවළට ඇරැයුම් ලැබී තිබූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ට්‍රම්ප් පවුලේ සමීපතම හිතවතුන් බව කියන අම්බානි යුවළ ඇතුළු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පවුලේ සමීපතම හිතවතුන් අතුරින් තෝරාගත් 100 දෙනකු පමණක් සහභාගි වූ එම භෝජන සංග්‍රහයට ලොව ලොකුම ධනවතුන් වන ජෙෆ් බොසෝස් සහ ඉලොන් මස්ක් ද සහභාගි වූ බව වාර්තා වේ. මීට අමතරව ට්‍රම්ප් රජයේ උපජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ජේඩී වැන්ස්, රොබර්ට් එෆ් කෙනඩි සහ ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ බෑණනුවන් වන ජරේඩ් කුෂ්නර් ද සහභාගි වූ බව වාර්තා වේ. අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට වොෂින්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩනැඟිල්ලේදී දිවුරුම් දීමට නියමිතව තිබිණි.