Home » පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

by yasara
January 21, 2025 4:59 pm 0 comment

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙයි

ඒ අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙනි.

ඔහුට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

එමෙන්ම පෙබරවාරි මස 3වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අනුරාධපුර පොලීසියට නියෝග කර ඇති බව වාර්තා වෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT