Home » ඇමැති බිමල් ආ කාර්යාල දුම්රියත් වි. 13ක් ප්‍රමාදයි

ඇමැති බිමල් ආ කාර්යාල දුම්රියත් වි. 13ක් ප්‍රමාදයි

-ඇමැති නොදන්වා දුම්රියේ ඇවිත්

by sachintha
January 21, 2025 1:15 am 0 comment

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (20) උදෑසන 7.13ට මොරටුවෙන් පිටත් වූ කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා පැමිණ තිබේ. කිසිදු දැනුම්දීමකින් තොරව ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටලු අමාත්‍යවරයා විසින් හඳුනාගෙන තිබේ. සාමාන්‍ය මගියකු ලෙස ගිය මේ ගමනේ දී බොහෝ මගී ජනයා සේම ඔහුද හිටගෙන ගමන් කළ අතර අහම්බෙන් දුටු මේ ජනතා නියෝජිත මගියා සමඟ සෙසු මගීන්ද සුහදව කතා බහ කරමින් ගිය බව ද වාර්තා විය.

ඔහු ගමන් කළ දුම්රිය විනාඩි 13ක පමණ ප්‍රමාදයකින් පැමිණ තිබෙන අතර සමහර දුම්රියපොළවල බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත ගොඩවෙමින් ගිය මේ ගමනින් බොහෝ ගැටලු හඳුනාගෙන ඇත. එතරම් පැරණි නොවූ දුම්රියක් වුව ද විදුලි පංකා තිබූ බවට සලකුණු මිස මෙහි කිසිදු විදුලි පංකාවක් (fan) නොතිබූ බව ද නිරීක්ෂණය වී තිබේ.

ආබාධිත අයට (රෝද පුටුවලින්) දුම්රියට ගොඩවීමට පහසුකමක් නැති බව ද ප්‍රායෝගිකවම දැක තිබෙන අතර මාර්ගය දෙපස අපිරිසිදු තැන්, වැසිකිළිවල අපිරිසිදු තැන් ආදිය ද තිබූ බව වාර්තා විය.

සමහර විට අවදානම් සහිත, ඉතා පැරණි දුම්රිය ධාවනය වන බව ද නිරීක්ෂණය වී තිබෙන අතර කිසිදු මාධ්‍යයකට නොදන්වා තනියෙන් ගොස් ඇති මේ ගමන දුරකතන මඟින් ලබාගත් ඡායාරූප සහ වීඩීයෝ සමාජ මාධ්‍යයට නිකුත් වී තිබේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT