Monday, April 21, 2025
Home » පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්

- මහ බැංකුවෙන් පියවර - නාමලේඛනයත් ප්‍රසිද්ධ කරයි

by sachintha
January 21, 2025 1:10 am 0 comment

බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ආයතන විසි එකක (21) නාමලේඛනයෙන් විස්සක (20) නම් මහ බැංකුව ඊයේ නිවේදනය කළේය.

එක් ආයතනයක නම අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් නොකිරීමට මහ බැංකුව වග බලා ගත්තේය. එම ආයතන නාමලේඛනය පහත දැක්වේ.

Tiens Lanka Health Care (Pvt) Ltd, Best life International (Pvt) Ltd, Mark-Wo International (Pvt) Ltd, V M L International (Pvt) Ltd, Fast3Cycle International (Pvt) Ltd, Sport chain app, Sport chain zs society Sri Lanka, Onmax DT, MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group, Fastwin (Pvt) Ltd, Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd, Ride to Three Freedom (Pvt) Ltd, Qnet, Era Miracle (Pvt) Ltd and Genesis Business School, Ledger Block, Isimaga International (Pvt) Ltd, Bitcoin App and Sinbird Foundation, Windex Trading, The Enrich Life (Pvt) Ltd, Smart Win Enterprenure (Private) Limited, Net Fore International (Pvt) Ltd / Netrrix

පිරමීඩ ඇතුළු තහනම් ණය යෝජනා ක්‍රමවලට හසුව මුදලත්, තමන්ගේ දුක් මහන්සියෙන් හම්බකරගත් ධනයත් අහිමි කරගනිමින් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණපෑමට මහජනතාවට සිදු නොවන තැනට වගබලා ගැනීම සමාජයේ ඔබ අප සැමගේ වගකීමකි. මෙහි දී වංචනික සහ කෙටි මාර්ග ඔස්සේ ධනය වැඩිකර ගැනීමට ක්‍රියා කරන මහජනතාව ද එවැනි දේ කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය. මහජනතාව මූල්‍ය වංචනිකයින්ට හසු නොවීමට තරම් බුද්ධිමත් විය යුතුය.

එපමණක් නොව මෙවැනි තහනම් ණය යෝජනා ක්‍රම හරහා මෙරට මූල්‍ය පද්ධතියට වන බලපෑම වැළැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවට ද විශාල වගකීමක් පැවරී තිබේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT