Home » මහ කන්නයේ වී මිලදී ගැනීමට රජයේ ගබඩා සූදානම් කිරීම තවදුරටත්

මහ කන්නයේ වී මිලදී ගැනීමට රජයේ ගබඩා සූදානම් කිරීම තවදුරටත්

by chanaka
January 20, 2025 4:04 pm 0 comment

මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය මඟින් මිලදී ගැනීම සඳහා වී ගබඩා පිරිසිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

මේ අතර වී මණ්ඩලය සතුව ඇති ගබඩා 209ක් සූදානම් කිරීමටද රජය කටයුතු කර ඇත.

ඒ අනුව ජාතික අවශ්‍යතාවය සඳහා ආරක්‍ෂක අංශ වල සහයෝගය ලබාදීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්‌වරයාගේ උපදෙස් ප්‍රකාරව හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානයන් විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද මේවන විට දියත් කර තිබේ.

සියලු ආරක්ෂක සේනා මූලස්ථාන විසින් දීපව්‍යාප්තව ජනවාරි 18 සිට 27වැනිදා දක්වා වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක්​ද සැ​ලසුම් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT