Home » ආන­න්දයේ කිත්ම කඩුලු 10ම දවා­ගනී

ආන­න්දයේ කිත්ම කඩුලු 10ම දවා­ගනී

by damith
January 20, 2025 1:17 am 0 comment

ඉෂානි යද්දෙහි

කොළඹ ආනන්ද විදු­හලේ පිට දඟ­පන්දු යවන ශ්‍රී ලංකා අවු­රුදු 17න් පහළ නායක කිත්ම විතා­න­ප­ති­රණ 5 වැනි ‘ටී.බී. ජය කුස­ලාන’ වෙනු­වෙන් පැවති තර­ග­යේදී කොළඹ සහිරා විදු­හ­ලට එරෙ­හිව පන්දු­වෙන් දස්කම් දක්ව­මින් පළමු ඉනිමේ කඩුලු 10ම දවා­ලී­මට සමත් විය.

අවු­රුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තර­ගා­ව­ලිය යටතේ පැවති මේ තර­ගයේ සහිරා පළමු ඉනි­මේදී ලකුණු 29ක් දෙමින් කිත්ම මේ කඩලු 10 දවා­ගත් අතර දෙවැනි ඉනි­මේදී කඩුලු 3ක් බිඳ දැමීය. කෙසේ වෙතත් මේ තර­ගය නිමා වූයේ ජය පරා­ජ­යෙන් තොර­වය.

සහිරා පළමු ඉනිම – 131 (ඕවර 55.2) රනිදු මලිත් 41, ෂයාන් ඉෂ්මාත් 31, මෂ්වුත් මොහි­දීන් 25 (කිත්ම විතා­න­ප­ති­රණ 29/10) සහ දෙවැනි ඉනිම – 215 (ඕවර 49.5) රනිදු මලිත් 55, තරුෂ නවෝද්‍ය 39, පවන් ජය­ව­ර්ධන 26, ඉජාස් අහ­මඩ් 25, රයිඩ් කරීම් 21 (අශිංෂ නයි­නා­යක 61/5, කිත්ම විතා­න­ප­ති­රණ 88/3, ශාරද ජය­රත්න 31/2)

ආනන්ද පළමු ඉනිම – 169 (ඕවර 44) කෙනුල් ද සොයිසා 50, ඩිලාල් අම­ර­සිංහ 30, දෙනෙත් බිම්සර 28, කිත්ම විතා­න­ප­ති­රණ 22 (ඉනාම් ස්ලාසා 22/5, තරුෂ නවෝද්‍ය 34/2) සහ දෙවැනි ඉනිම – 90/1 (ඕවර 18.3) නෙතුල එදි­රි­මාන්න නොදැවී 53, දනිදු සෙල්ල­ප්පෙ­රුම 36.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT