ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වූ ආර්තිකා යොනාලි සමඟ විවාහ ගිවිසගත් අතර, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිංකු සිං ඉන්දීය ලෝක් සභා මන්ත්‍රීවරියක් වූ ප්‍රියා සරෝජ් සමඟ විවාහ ගිවිස ගැනීමට දින තීරණය කරයි.
මේ වසරේ ලෝක ක්‍රිකට් පිටියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කළ මහීෂ් තීක්ෂණ කොළඹ ප්‍රසිද්ධ තරු පහේ හෝටලයකදී මෙයට දින කිහිපයකට පෙර නව ඉනිම ආරම්භ කළ අතර, රිංකු – ප්‍රියා විවාහ මංගල්‍ය ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට තීරණයවී තිබේ.
25 හැවිරිදි ප්‍රියා සරෝජ් ඉන්දීය සමාජවාදී පක්ෂයේ මන්ත්‍රිවරියක් වන අතර, පසුගිය වසරේ පැවති ලෝක් සභා මැතිවරණයෙන් උත්තර් ප්‍රදේශ්හි මච්ලිෂාර් මැතිවරණ කොට්ඨාසයෙන් ජයග්‍රහණය කළාය. දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වූ ඇය ඡන්ද 35,850කින් භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක බෝලනාත් පරාජය කර තිබිණි. මැතිවරණය සඳහා ප්‍රියා සරෝජ් ලබාදුන් දිවුරුම් ප්‍රකාශයේ ඇයට රුපියල් කෝටි 100ක වත්කම් ඇති බව සඳහන් කොට තිබිණි.