Home » අවි­ශ්ක­ගෙන් වේග­වත් අර්ධ ශතක වාර්තා­වක්

අවි­ශ්ක­ගෙන් වේග­වත් අර්ධ ශතක වාර්තා­වක්

by damith
January 20, 2025 1:15 am 0 comment

ශ්‍රී ලංකා ආර­ම්භක පිති­කරු අවිශ්ක ප්‍රනාන්දු ඩුබා­යිහි පැවැ­ත්වෙන අයි­ඒල්ටී විස්සයි20 තර­ගා­ව­ලි­යේදී ඩුබායි කැපි­ටල් පිලට එරෙ­හිව පන්දු 16කදී අර්ධ ශත­කය සම්පූර්ණ කර­මින් ශ්‍රී ලංකා පිති­ක­රු­වකු රැස් කරන ලද වේග­වත්ම විස්සයි20 අර්ධ ශත­කය වාර්තා කළේය.

මෙයට පෙර එම ශ්‍රී ලංකා වාර්තාව තබා තිබුණේ සසෙක්ස් කණ්ඩා­ය­මට එරෙ­හිව පන්දු 18 කදී ලකුණු 50ක් රැස් කළ ටී.එම්. ඩිල්ෂාන් විසිනි.

අයි­ඒල්ටී විස්සයි20 ඉති­හා­සයේ වේග­වත්ම අර්ධ ශත­කය වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27කදී හයේ 8ක් හා හතරේ 6ක් සමඟ ලකුණු 81ක් ලබා ගත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT