Wednesday, April 23, 2025
Home » පළමු පෙළ ලීග් රග්බි තර­ග­යක් විනි­ශ්චය කර­මින් චරනි ලිය­නගේ ඉති­හා­ස­යට

පළමු පෙළ ලීග් රග්බි තර­ග­යක් විනි­ශ්චය කර­මින් චරනි ලිය­නගේ ඉති­හා­ස­යට

by damith
January 20, 2025 1:17 am 0 comment

ෆවුස් මොහො­මඩ්

මහ­නු­වර ක්‍රීඩා සමා­ජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමා­ජය අතර ඊයේ නිත්ත­වෙල ක්‍රීඩාං­ග­ණයේ පැවැති තර­ගය විනි­ශ්චය කර­මින් අන්තර් සමාජ පළමු පෙළ පිරිමි ලීග් තර­ග­යක් විනි­ශ්චය කළ පළමු තීර­ක­ව­රිය ලෙස චරනි තීක්ෂණා ලිය­නගේ ඉති­හා­ස­යට එක් වූවාය. 33 හැවි­රිදි චරනි ලිය­නගේ මෙරට පාසල් පළමු පෙළ ලීග් රග්බි තර­ග­යක් විනි­ශ්චය කළ පළමු තීර­ක­ව­රිය ලෙස ඉති­හා­ස­යට එක් වූයේ පසු­ගිය වසරේ අන්තර් පාසල් ලීග් රග්බි තර­ගා­ව­ලියේ තර්ස්ටන් හා වෙස්ලි විදු­හල් අතර පැවති තර­ගයේ තීර­ක­ව­රිය ලෙස කට­යුතු කර­මිනි.

දෙම­ට­ගොඩ සාන්ත අන්තෝනි විදු­හ­ලෙන් ක්‍රීඩා­වට පිවිසි ඇය වසර 2015 සිට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා රග්බි පිලට එක්වූ අතර, 2016 සිට පසු­ගිය වසර දක්වා ජාතික කාන්තා රග්බි කණ්ඩා­යම නියෝ­ජ­නය කළාය. ඇය වසර 2022 සිට ශ්‍රී ලංකා රග්බි තීර­ක­ව­රුන්ගේ හා විනි­සු­රු­ව­රුන්ගේ සංග­මයේ සාමා­ජි­කා­වකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT