Home » පර­ණ­ප­ට්ටිය ගම­ටත් වන­අලි ඇවිත්

පර­ණ­ප­ට්ටිය ගම­ටත් වන­අලි ඇවිත්

ගම්මු මර බියෙන්

by damith
January 20, 2025 1:12 am 0 comment

බළ­න්ගොඩ - සම්පත් ප්‍රිය­න­න්දන

බළ­න්ගොඩ, අලු­ත්නු­වර, පර­ණ­ප­ට්ටිය ගම්මා­න­යට පෙරේදා (18) අලු­යම ඉති­හා­සයේ පළමු වරට වන­අලි පැමිණ ආර්ථික භෝග රැසක් විනාශ කර දමා ඇති බව පර­ණ­ප­ට්ටිය ගම්මා­නයේ පදිංචි ජන­තාව පව­සති. කෙසෙල්, පොල්, ගම්මි­රිස්, කිතුල්, අල ඇතුළු වගා හානි රැසක්ම සිදු­කර තිබෙන බව එම ජන­තාව පෙන්වා­දෙති. මීට පෙර කිසිදු දිනෙක මෙම පර­ණ­ප­ට්ටිය ප්‍රදේ­ශ­යට වන­අලි පැමිණ නොමැති බව පව­සන ගම්වා­සීහු, මෙම ප්‍රදේ­ශයේ නිවාස විස්සක් පමණ තිබෙන බවත්, නිවෙස්හි මිදු­ල්ව­ලට පවා වන­අලි ඇවිත් පලං­චි­යක් කඩා දමා තිබෙන බවත්, මේ හේතු­වෙන් නිවෙ­ස්වල සිටී­මට පවා බියක් ඇතිවී තිබෙන බවත් ප්‍රකාශ කළහ. මේ සම්බ­න්ධ­යෙන් ඩබ්.ඒ. වික්‍ර­ම­රත්න මහතා මෙසේ කීවේය.

මේ ගම්මා­න­යට මීට පෙර වන­අලි ආවා කියලා අපි අහලා නැහැ. පාන්දර හත­රට විතර මිදුලේ විශාල ශබ්ද­යක් ඇහුණා. මම ගිහින් ටෝච්එක ගහල බල­න­කොට මිදුලේ හදලා තිබුණ පලං­චිය කඩ­නවා. මිදුලේ හිට­වලා තිබුණ අල, කෙසෙල්, පොල් ගස් ගල­වලා විනාශ කරලා. කිතුල් ගස් කිහි­ප­යක් සහ ගම්මි­රිස් වැල් ගල­වලා දමලා. අලි තුන්දෙ­නකු ඇවිත් පැනලා දිව්වා. අපි ඉල්ලා සිටින්නේ මේ අලි ප්‍රශ්නය වැඩි­වෙන්න කලින් මේක පාල­නය කරන්න කිය­ලයි.

පී.ආර්. සුනිල් සෙන­වි­රත්න මහතා මෙසේ අද­හස් දැක්වීය.

‘මේ දව­ස්වල කුඹුරු වගා කරලා තිබෙ­නවා. ආයේ පාරක් ආවොත් කුඹුරු ටිකත් විනාශ කරලා යයි. ආපු පළ­වැනි පාරම මිදු­ල්ව­ලට ඇවිත් මෙහෙම විනා­ශ­යක් කළා කියන්නේ රෑට නිවෙ­ස්වල නිදා­ගෙන ඉන්න පවා බයයි. අපි මේ ගැන ඉඹුල්පේ ප්‍රදේ­ශීය ලේකම් කාර්යා­ල­යට දැනුම් දුන්නා. නිල­ධා­රීන් ඇවිත් බලලා ගියා. සම­න­ල­වැව රක්ෂි­තයේ ඉන්න අලි තමයි මේ පැත්තට එන්න ඇත්තේ. මේ තත්ත්වය තව­දු­ර­ටත් වැඩි­වෙන්න කලින් අලි වැටක් හෝ ගහලා මේ ප්‍රශ්නය විස­ඳන්න කියලා අපි බල­ධා­රී­න්ගෙන් ඉල්ලා සිටි­නවා.’

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT