Wednesday, April 23, 2025
Home » අත්ත­න­ගලු ඔයේ මංග­ල­ති­රිය පාලමේ ඉදි­කි­රීම් නිසි ප්‍රමිතියට නැහැ:

අත්ත­න­ගලු ඔයේ මංග­ල­ති­රිය පාලමේ ඉදි­කි­රීම් නිසි ප්‍රමිතියට නැහැ:

මන්ත්‍රී රුවන් මාපලගම පරීක්ෂණයක් ඉල්ලයි

by damith
January 20, 2025 1:16 am 0 comment

වාරණ - ආනන්ද ඊ. ජය­කොඩි

අතිවිශාල ජනතා මුද­ලක් වැය කර­මින් අක්‍ර­ම­වත්ව තනා­ගෙන යන අත්ත­න­ගලු ඔයේ මංග­ල­ති­රිය පාලම නිරී­ක්ෂ­ණය කිරීම සඳහා ඉකුත් 17 දා පෙර­ව­රුවේ ජාතික ඒකා­බ­ද්ධතා කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුල­ව්ෆර් හා පාලක පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රුවන් මාප­ල­ගම යන මහ­ත්වරු ප්‍රමුඛ පිරි­සක් පැමිණ කරන ලද සොයා බැලී­ම­කදී, කිසිදු ටෙන්ඩර් පටි­පා­ටි­ය­කින් හා විනි­වි­ද­භා­ව­ය­කින් තොරව අක්‍ර­ම­වත්ව ඉදි­කි­රීම් කට­යුතු කරන බවට අනා­ව­ර­ණ­ය­වීම හේතු­වෙන් ඒ පිළි­බ­ඳව විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්විය යුතු බව ඔවුහු ප්‍රකාශ කළහ.

කොළඹ – මහ­නු­වර ප්‍රධාන මාර්ගයේ කළ­ගෙ­ඩි­හේන මංස­න්ධියේ සිට මංග­ල­ති­රිය, බෝග­මුව, පිලං­කඩ හරහා කොස්හේන දක්වා දිවෙන මාර්ගයේ අත්ත­න­ගලු ඔය හරහා ඇති මංග­ල­ති­රිය පාලම, වසර තුන­ක­ටත් වඩා වැඩි කාල­යක් තිස්සේ කැඩී විනා­ශවී යාම හේතු­වෙන් වාහන ධාව­නය කළ නොහැ­කිව පාසල් දරු දැරි­යන් ඇතුළු දහස් ගණ­නක ජන­තා­වක් දැඩි පීඩා­වන්ට පත්ව සිටිති. පසු­ගිය පාලන සමයේ එම පාලම සම්පූ­ර්ණ­යෙන්ම කඩා ඉවත් කර නව පාල­මක් තැනීම ආරම්භ කෙරිණි. ජනතා අද­හස් විම­සී­ම­කින් හා ටෙන්ඩර් පටි­පා­ටි­ය­කින් තොරව එම පාලමේ තැනීම් කට­යුතු කර­ගෙන යන අත­ර­තුර පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා භාර දීමත් සමඟ තැනීම් කට­යුතු සම්පූ­ර්ණ­යෙන්ම නවතා තිබිණ.

මේ හේතු­වෙන් ජන­තාව බල­ධා­රීන් දැනු­ම්වත් කිරී­මෙන් අන­තු­රුව මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසුව නැව­තත් පාලම තැනීමේ කට­යුතු ආරම්භ කර ඇතත්, එය මන්ද­ගා­මීව හා විනි­වි­ද­භා­ව­ය­කින් තොරව කර­ගෙන යන බවට ලද තොර­තු­ර­කට අනුව ජාතික ඒකා­බ­ද්ධතා කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුල­ව්ෆර් හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රුවන් මාප­ල­ගම යන මහ­ත්වරු ප්‍රමුඛ පිරි­සක් එම ස්ථාන­යට පැමිණ කරන ලද සොයා බැලී­ම­කදී, හිටපු දේශ­පා­ල­ක­ය­කුගේ මැදි­හත් වීම යටතේ විද්‍යා­ත්මක පද­න­ම­කින් තොරව හා විනි­වි­ද­භා­ව­ය­කින් තොරව ඉදි­කි­රීම් කට­යුතු කර­ගෙන යන බවට අනා­ව­ර­ණය විය. එමෙන්ම ටෙන්ඩර් පටි­පා­ටි­ය­කින් තොරව එය තනා­ගෙන යන බව ද එහිදී අනා­ව­ර­ණය විය.

මෙහිදී මාධ්‍ය­වේ­දි­යකු නැඟූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් පා.ම. රුවන් මාප­ල­ගම මහතා මෙසේ කීය.

‘මෙවැනි ඉදි­කි­රී­මක් කරන විට සාමා­න්‍ය­යෙන් වැය වන මුදල මේ ස්ථානය තුළ දැන්වීම් පුව­රු­වක් මඟින් මහ­ජ­න­තා­වට ප්‍රද­ර්ශ­නය කළ යුතු වෙනවා. මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. අනෙක් පැත්තෙන් විශාල උස­කින් යුතුව මෙය තනා­ගෙන යනවා. කොහොම නමුත් මේ පිළි­බ­ඳව විධි­මත් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්විය යුතු වෙනවා.’

මේ අව­ස්ථා­වට ජාතික ජන බල­වේ­ගයේ අත්ත­න­ගල්ල ප්‍රධාන සංවි­ධා­යක පුබුදු කපු­රුගේ මහතා හා පීඩා­වට පත් ගම්මා­න­වල ග්‍රාම නිල­ධාරී මහත්ම මහ­ත්මීන්, සමෘද්ධි සංව­ර්ධන නිල­ධාරී මහත්ම මහ­ත්මීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ නිල­ධාරී මහත්ම මහ­ත්මීන් පිරි­සක් ද සහ­භාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT