Home » සැක කට­යුතු ත්‍රිරෝ­දයේ මත් කරල්

සැක කට­යුතු ත්‍රිරෝ­දයේ මත් කරල්

by damith
January 20, 2025 1:14 am 0 comment

කල්පි­ටිය සමූහ - කුමාරී පද්ම­ලතා

කල්පි­ටිය නග­රය තුළ සැක­ක­ට­යුතු ත්‍රිරෝද රථ­යක් පරීක්ෂා කිරී­මේදී, අලෙවි කිරීම සඳහා සූදා­නම් කර තිබූ නීති විරෝධී මත් කරල් 80ක් සමඟ සැක­ක­රු­වන් දෙදෙ­නකු පසු­ගි­යදා (17) විජය නාවුක ආය­ත­නය හා පොලී­සිය විසින් කරන ලද ඒකා­බද්ධ මෙහෙ­යු­ම­කින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­ක­රුවෝ කල්පි­ටිය, පුදු­කු­ඩි­ඉ­රි­ප්පුව සහ ඒත්තාල පදිංචි වයස අවු­රුදු 33 සහ 49 අතර අය­ව­ලුන් වෙති. මෙම මත් කරල් විශේ­ෂ­යෙන් පාසල් සිසුන් ඉලක්ක කර අලෙවි කරන බැව් අනා­ව­ර­ණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය භාවි­තයේ ප්‍රාථ­මික පිය­වර වශ­යෙන් මෙම මත් කරල් භාවිත කරන බවද අනා­ව­ර­ණය කර­ගෙන තිබිණ.

වෛද්‍ය නිර්දේ­ශ­ය­කින් තොරව මෙම වේද­නා­නා­ශක විශාල ප්‍රමා­ණ­යක් ළඟ තබා ගැනීම වර­දක් බව පෙන්වා දෙන පොලී­සිය, සැක­ක­රු­වන් සහ නඩු භාණ්ඩ පුත්ත­ලම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බවද කියා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT