Sunday, April 20, 2025
Home » සරුං­ගල් ලණුවක පැටලුණු යාපනයේ තරුණයෙක් උඩු ගුවනට ඇදී ගිහින්

සරුං­ගල් ලණුවක පැටලුණු යාපනයේ තරුණයෙක් උඩු ගුවනට ඇදී ගිහින්

by damith
January 20, 2025 1:15 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාප­නයේ සරුං­ගල් යවන තරු­ණ­යන්ගේ අව­දා­නම් ක්‍රියා පිළි­බ­ඳව ආර­ක්ෂක අංශ හා සෙසු නිල­ධා­රීන් දැඩි අව­ධා­නය යොමු කොට නීති රීති සකස් කළ යුතු බවට යාප­නයේ වැඩි­හි­ටියෝ වග­කි­ව­යු­ත්ත­න්ගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් එසේ ඉල්ලා ඇත්තේ නැවත වතා­වක් යාප­නයේ තරු­ණ­යකු සරුං­ගල් ලණු­වක පැටලී ඉහළ අහ­සට ඇදී යෑමත් සම­ඟිනි. යාප­නයේ වඩ­මා­රච්චි ප්‍රදේ­ශ­යේදී පසු­ගි­යදා (17) සරුං­ග­ල­යක් යව­මින් සිටි තරු­ණ­යකු තවත් සරුං­ගල් ලණු­වක පැට­ලීම හේතු­වෙන් එම තරු­ණයා අඩි හැටක් පමණ උස­කට ඇදී ගොස් තිබේ. තරු­ණයා ඉහළ අහ­සට ඇදී යෑමත් සම­ඟම විශාල පිරි­සක් එම ස්ථාන­යට එක්රොක් වී තරු­ණ­යාට ජීවි­තය ගලවා ගන්නා අන්දම ගැන විවිධ උප­දෙස් දෙමින් කෑග­ස­න්නට පටන් ගෙන ඇති අතර, ඔහු ලණුව සමඟ ඉහළ අහසේ පාවෙ­මින් සිටි­යදී විනාඩි හත­ර­කට පමණ පසුව ලණුවේ මැද කොටස අසල වූ තල් ගසක පැට­ලී­මෙන් පසුව තරු­ණයා ඉහළ අහ­සට ඇදී යෑම වැළකී ගොස් තිබිණ. ඒත් සම­ඟම නිසො­ල්මන් වූ ලණුව දිගේ තරු­ණ­යාට නිරු­ප­ද්‍රි­තව බිමට බැස ගැනී­මට හැකි වී තිබේ.

යාප­නයේ ප්‍රමා­ණ­යෙන් ඉතා විශාල සරුං­ගල් යැවීම වසර ගණ­නා­වක සිට සිදු වන අතර, ඒවාට නූල් වෙනු­වට විශාල කඹ යොදා තිබී­මත්, ඇතැම් සරුං­ගල් අහ­සට යැවීම පිණිස විදුලි මෝටර් සවි කිරී­මත් සිදු කරයි. මීට වසර හත­ර­කට ඉහ­තදී ද යාප­නයේ තරු­ණ­යකු සරුං­ග­ල­යක ලණු­වක පැට­ලීම හේතු­වෙන් අඩි හත­ළි­හක් පමණ ඉහළ අහ­සට ඇදී ගිය අතර, විනාඩි පහ­කට පමණ පසුව ඔහු ලණුව අත්හැර බිමට පතිත වී තිබුණි. එහිදී ඔහුගේ පාද­වල අස්ථි බිඳී මාස­ය­කට වැඩි කාල­යක් ප්‍රති­කාර ලබා ගැනී­මට ද සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT