Home » මී උණෙන් උසස් පෙළ සිසු­වෙක් මරුට

මී උණෙන් උසස් පෙළ සිසු­වෙක් මරුට

by damith
January 20, 2025 1:06 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජය­ලත්
නිලුෂ ප්‍රසන්න

අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ග­යට පෙනී සිට ප්‍රති­ඵල අපේ­ක්ෂා­වෙන් සිටි ශිෂ්‍ය­යෙක් පෙරේදා (18) මී උණ වැල­ඳී­මෙන් මිය­ගොස් තිබේ.

මෙලෙස මිය­ගොස් ඇත්තේ කෑගල්ල පුස්සැල්ලේ පදිං­චිව සිටි කෑගලු විද්‍යා­ලයේ ඉ‍ෙග­නුම ලබා ඇති 20 හැවි­රිදි ජී.එම්.පී. නිලූෂ ප්‍රසන්න නමැති ශිෂ්‍ය­යෙකි. මිය­ගොස් ඇති ශිෂ්‍ය­යාට ඉකුත් 15 වැනිදා උණ සෑදී­මෙන් කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටිය දී ඉකුත් 17 වැනිදා මී උණ වැලඳී ඇති බවට වෛද්‍ය­වරු තහ­වුරු කර තිබේ. තව­දු­ර­ටත් කෑගල්ල මහ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටිය දී ශිෂ්‍යයා පෙරේදා (18) පෙර­ව­රුවේ ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබුණි.

මිය­ගොස් ඇති ශිෂ්‍යයා 2023 වසරේ පළමු වරට ගණිත අංශ­යෙන් අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ග­යට පෙනී සිට ඇති අතර පසු­ගි­යදා පැවති විභා­ග­යට දෙවැනි වරට පෙනී සිට ප්‍රති­ඵල අපේ­ක්ෂා­වෙන් නි‍ෙවසේ සිටිය දී මෙම අවා­ස­නා­වන්ත සිදු­වී­මට මුහුණ පා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT