34
ස්කන්ධ කුමරුන්ගේ වාහනය ලෙස මොනරා හඳුන්වයි. කතරගම දෙවියන්ගේ වාහනය වීම මත ලාංකීය ජනයා මොනරාට ගෞරව ආදරය දක්වයි.
වියළි කලාපයට අයත් ප්රදේශයේ මොනරුන් බහුලව දැකිය හැකිය.
මේ වනවිට කතරගම පුරවරයේ මොනරුන් විශාල වශයෙන් උදෑසන කාලයේදී ලඳු කැලෑ තුළ පිල් විදහා රඟන අයුරු ද දිස්වේ.
වැසි ලැබීමත් සමඟ කුඩා පැලෑටි තුළ මොනරුන් ආහාරයට ගන්නා ඇට වර්ග මෙන්ම කෘමි සතුන් බහුලව සිටීම මත මොනරුන්ගේ පිල් වර්ධනය වීම මුල්කොට ගෙන මොනරුන්ගේ වසන්තය උදා වී ඇති බව කතරගම ජනතාව පවසති.
මේ දිනවල කතරගම පුදබිම ආසන්නයේ ඇති නාගහවීදිය ගමේ මෙන්ම පුදබිම අවට ලඳු කැලෑ තුළ පිල් විහිදා රඟන මොනරුන් දැක ගත හැකිය.