Home » කාන්තා­ව­කගේ බෙල්ලට පිහි­යක් තියා කොල්ලකෑ මුදල් හා භාණ්ඩ සමඟ කොල්ල­කරු උසා­වි­යට

කාන්තා­ව­කගේ බෙල්ලට පිහි­යක් තියා කොල්ලකෑ මුදල් හා භාණ්ඩ සමඟ කොල්ල­කරු උසා­වි­යට

by damith
January 20, 2025 1:17 am 0 comment

ගිරා­ඳු­රු­කෝට්ටේ සමූහ සෝම­දාස සමර ගුණ­රත්න

රාත්‍රී කාල­යේදී වෙළෙ­ඳ­ස­ල­කට ඇතු­ළුවී එහි අයි­ති­කාර කාන්තා­වගේ බෙල්ලට තියුණු ආයු­ධ­යක් තබා බිය­ගන්වා මුදල් සමඟ දේපොළ කොල්ලකා පලා­ගිය පුද්ග­ල­යෙකු එම මුදල් හා භාණ්ඩද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පොලී­සිය පව­සයි.

පොලී­සිය පැවසූ පරිදි සැක­කරු 24 හැවි­රිදි තරු­ණ­යෙකි. මංකො­ල්ල­කෑම සිදුවී ඇත්තේ ඉකුත් 14 වැනිදා රාත්‍රී අටත් නව­යත් අතර කාල­යේ­දීය. දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය පොලිස් බල­ප්‍ර­දේ­ශයේ සම­න­ල­තැන්න මහ­වැලි ගම්මා­නයේ වෙළෙ­ඳ­ස­ල­කින් පොලිස් හදිසි ඇම­තුම් (119) අංක­යට ලැබුණු තොර­තු­රක් අනුව මෙම වැට­ලීම සිදු­කර ඇත.

එම වෙළෙ­ඳ­ස­ලෙහි විවෘ­තව තිබූ දොර­කින් ඇතු­ළුවී මෙම මංකො­ල්ලය සිදු­කර ඇත.

සැක­කරු මුද­ලින් රුපි­යල් 190,000ක් ද රුපි­යල් 18,500ක වටි­නා­ක­මින් යුතු කුඩා ප්‍රමා­ණයේ නවීන ශබ්ද විකා­ශන යන්ත්‍ර­යක් ද පැහැ­ර­ගෙන ගොස් ඇති අතර සිදු කළ පොලිස් පරී­ක්ෂණ අනුව සැක­ක­රුගේ නි‍ෙවසේ සඟවා තිබී මුදල් සහ යන්ත්‍රය ද සැක­කරු ද සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එසේම සැක­කරු මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වෙකු බවට ද පොලී­සිය සැක කරයි. සැක­කරු දෙහි­අ­ත්ත­ක­ණ්ඩිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහ­තාගේ නියෝ­ගය පරිදි රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT