රාත්‍රී කාලයේදී වෙළෙඳසලකට ඇතුළුවී එහි අයිතිකාර කාන්තාවගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා බියගන්වා මුදල් සමඟ දේපොළ කොල්ලකා පලාගිය පුද්ගලයෙකු එම මුදල් හා භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.
පොලීසිය පැවසූ පරිදි සැකකරු 24 හැවිරිදි තරුණයෙකි. මංකොල්ලකෑම සිදුවී ඇත්තේ ඉකුත් 14 වැනිදා රාත්‍රී අටත් නවයත් අතර කාලයේදීය. දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ සමනලතැන්න මහවැලි ගම්මානයේ වෙළෙඳසලකින් පොලිස් හදිසි ඇමතුම් (119) අංකයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
එම වෙළෙඳසලෙහි විවෘතව තිබූ දොරකින් ඇතුළුවී මෙම මංකොල්ලය සිදුකර ඇත.
සැකකරු මුදලින් රුපියල් 190,000ක් ද රුපියල් 18,500ක වටිනාකමින් යුතු කුඩා ප්‍රමාණයේ නවීන ශබ්ද විකාශන යන්ත්‍රයක් ද පැහැරගෙන ගොස් ඇති අතර සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව සැකකරුගේ නිෙවසේ සඟවා තිබී මුදල් සහ යන්ත්‍රය ද සැකකරු ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට ද පොලීසිය සැක කරයි. සැකකරු දෙහිඅත්තකණ්ඩිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතාගේ නියෝගය පරිදි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.