යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් යුද්ධ හමුදාධිපතිවරයාගේ මඟපෙන්වීම මත බස්නාහිර පළාතේ වෙසෙන විවිධ හේතුන්මත අත්පා අහිමි වූ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් සහ ක්‍රියාකාරී සේවයේ නියුතු සාමාජිකයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු සිදුකර ඇත.
ඒ අනුව අද(20) සිට 24වැනිදා දක්වා රාගම රණවිරු සෙවණ පුනරුත්ථාපන රෝහල් පරිශ්‍රයේදී, රාගම පුනරුත්ථාපන රොහල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රණක්ෂිතයට පත් යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කෙරේ.
රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය වෙතින් අධික්ෂණය කරනු ලබන මෙම වෛද්‍ය කඳවුර තුළින් අඛණ්ඩව පවතින වෛද්‍ය ගැටළු තක්සේරු කිරීම හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශන ලබාදිම, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ සඳහා පරීක්ෂණ සිදුකිරීම, දන්ත වෛද්‍ය සේවාවන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති අතර, මානසික සෞඛ්‍ය සඳහා උපදේශන සේවාවන් හා පෝෂණ විශේෂඥයින් විසින් ආහාර ලබාගැනීම සඳහා වන උපදෙස් ලබාදීමට ද කටයුතු සූදානම් කර තිබේ.