Tuesday, April 8, 2025
Home » දුම්රිය සේවකයින් දෙදෙනෙක් නිසා මහ විනාශයක් වැළකෙයි

දුම්රිය සේවකයින් දෙදෙනෙක් නිසා මහ විනාශයක් වැළකෙයි

by yasara
January 20, 2025 1:13 pm 0 comment

 සිදුවීමකට ගිය ජීවිත හානියක් වළක්වන්නට වාද්දුව දුම්රිය මාර්ග අංශයේ වැඩ පරීක්ෂක වරයෙක් සහ නඩත්තු ශිල්පීයෙක් සමත්ව තිබෙයි.

අද  (20) උදෑසන වාද්දුව සහ දුම්රිය නැවතුම්පොළ නොම්මර 1 දුම්රිය ස්ථාන අතර පොතුපිටිය සංඝානන්ද මාවතේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ තිබු කොට්ටම්බා ගසක් කිසියම් පුද්ගලයෙකු විසින් කපා ඇති අතර එහිදී දුරකථන රැහැන් පද්ධතිය දුම්රිය මාර්ගයට පහත්වි ඇත.

ඒ අසලින් ගමන්ගත් වාද්දුව දුම්රිය මාර්ග අංශයේ වැඩ පරීක්ෂක ටී සනත් සහ තාක්ෂණ ශිල්පී දුමින්ද දේශප්‍රිය යන දෙදෙනා සිදුවීමට ගිය අනතුර දැක මාර්ගයේ සංඝානන්ද මාවතේ ගමන් කරන මගීන්ට ඉවත් වන ලෙස  දැනුවත් කරමින් සිය අත රැදි රතු කොඩිය මගින් දුම්රිය රියදුරන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

කෙසේ වූවද මරදාන බලා ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය දුරකථන රැහැන් පද්ධතියේ පැටලී සංඝානන්ද මාවතේ මීටර් 200 ක පමණ දුරක ස්ථාපිත කොන්ක්‍රීට් කනු හයක් මාර්ගයට පතිතවී තිබේ.

දුම්රිය සේවකයින් දෙදෙනාගේ බුද්ධිමත් ක්‍රියාව හේතුවෙන් සිදුවීමට ගිය ජීවිත හානි වැලකීගිය බව ප්‍රදේශවාසීන් පවසති .

ගාලු කුමරි දුම්රියේ දුරකථන රැහැන් පැටලීමත් සමගම ප්‍රදේශයේ තැන තැන විශාල ශබ්ද නගමින් දුරකථන කනු පෙරලී ගිය බවද ප්‍රදේශවාසීන් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT