Home » හංගමුව නිවෙසකින් ඇල්ලූ කෝටි 28 ‘හරක් කටා’ගේ ගෝලයකුගේ

හංගමුව නිවෙසකින් ඇල්ලූ කෝටි 28 ‘හරක් කටා’ගේ ගෝලයකුගේ

by damith
January 20, 2025 1:05 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

කුරු­ණෑ­ගල, හංග­මුව නි‍ෙව­සක සේප්පු­වක සඟවා තිබිය දී සොයා­ගත් රුපි­යල් කෝටි 28කට අධික මුදල “හරක් කටා” නමැති පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රුගේ ප්‍රධාන ගෝල­යකු වන රන්මල්ලී විසින් මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් උප­යා­ගත් මුදල් බව මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ.

හරක් කටාගේ එම ගෝලයා මේ වන­විට රැඳී සිටින්නේ ඩුබායි හි බවත් හරක් කටා, මැඩ­ග­ස්ක­රයේ දී අත්අ­ඩං­ගු­වට පත්වී­මෙන් අන­තු­රුව හරක් කටාගේ මත්කුඩු ජාලය මෙහෙ­යවා ඇත්තේ ඔහු විසින් බව­ටත් සැක­ක­රන තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත. හරක් කටාගේ මත්කුඩු ජාලය ගැන තොර­තුරු විම­ර්ශ­නයේ දී හෙළිවූ සැක­ක­රු­වකු සම්බ­න්ධ­යෙන් කළ දීර්ඝ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස එම සැක­කරු කොටු­කර ගැනී­මෙන් අන­තු­රුව මත්කුඩු ජාවා­ර­මෙන් උප­යා­ගන්නා මුදල් ආර­ක්ෂි­තව සඟවා තබා ගැනී­මට යොදා­ගත් කුරු­ණෑ­ගල, බෝග­මුව පොලිස් වසමේ හංග­මුවේ පිහිටි නි‍ෙවස ගැන තොර­තුරු හෙළි­කර ගැනී­මට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සමත්ව ඇති බව සඳ­හන්ය.

වැඩ බලන පොලි­ස්පති නීතීඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ උප­දෙස් මත මත්කුඩු ජාලය බිඳ දැමී­ම­ටත් අප­රාධ මර්ද­න­ය­ටත් විශේෂ පොලිස් මෙහෙ­යු­මක් දිව­යි­න­පුරා පැවැත්වේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය එම මෙහෙ­යු­මට සම­ගා­මීව මෙම වැට­ලීම දියත් කර තිබේ. කුරු­ණෑ­ගල, දොර­ටි­යාව පොලිස් වසමේ තෝරයා‍ය, කිරි­ව­වුල ප්‍රදේ­ශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ මහ­නු­වර උප ඒක­කයේ නිල­ධා­රීන් විසින් සිදු­ක­රන ලද වැට­ලී­මක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් සන්ත­කයේ තබා­ගත් පුද්ග­ල­යකු කැබ් රථ­ය­කින් ගම­න්ක­ර­මින් සිටිය දී අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නීති­වේදී බුද්ධික මන­තුංග මහතා සඳ­හන් කළේය.

මෙම සැක­කරු ගමන් කළ කැබ් රථයේ රියැ­දුරු අසුන යට බෑග­යක තිබී හෙරො­යින් ජාවා­ර­මෙන් උප­යා­ගත් බවට සැක­ක­රන රුපි­යල් දෙකෝටි තිස්පන් ලක්ෂ­යක මුද­ලක් හා මැණික් ගල් බවට සැක­ක­රන විවිධ වර්ණ­ව­ලින් යුත් පාෂාණ කොටස් 70ක් පමණ තිබී හමුවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා සඳ­හන් කළේය. ප්‍රශ්න කිරීමේ දී සැක­ක­රු­ගෙන් හෙළිවූ තොර­තුරු මත හංග­මුව ප්‍ර‍දේශයේ සැක­කරු පදිං­චිව සිටි නි‍ෙව­සට ගොස් පරීක්ෂා කිරීමේ දී එහි තිබුණු සේප්පු­ව­කින් රුපි­යල් විසි­ප­න්කෝටි අනූ­අට ලක්ෂ­යක මුද­ලක් හමුවූ බව ද බුද්ධික මන­තුංග මහතා පව­සයි. මෙම මුදල් නීත්‍යා­නු­කූ­ලව උප­යා­ගත් ආකා­ර­යක් අනා­ව­ර­ණය නොවූ බවත් මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් උප­යා­ගත් මුදල් බව විම­ර්ශ­න­ව­ලින් හෙළිවූ බවත් පොලි­සිය කියයි. මෙම නිවෙස පිහිටි ගෙවත්තේ වෑන් රථ­යක් ද තිබී පොලී­සි­යට හමුවී ඇත. එම වෑන් රථය ද මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් උප­යා­ගත් මුද­ල්ව­ලින් මිල දී ගෙන ඇති බව පෙනී ගොස් තිබේ.

මෙම මුදල් සමඟ අත්අ­ඩං­ගු­ව­ගත් සැක­කරු ඩුබායි හී රැ දී සිටින මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­කුගේ සමී­ප­ත­ම­යකු බවත් ඔහුගේ මෙහෙ­ය­වීම මත මෙම සැක­කරු මත්කුඩු ජාවා­රම සිදු­කර ඇති බවත් දැනට සිදු­කළ විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සඳ­හන් කරයි. මෙම සැක­කරු අවු­රුදු 39ක් වය­සැති අයකු බවත් ව්‍යාපා­රි­ක­යකු ලෙස පෙනී සිට ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය සඳ­හන් කළේය. ඉබ්බා­ග­මුව, හංග­මුවේ ඔහු තාව­කා­ලි­කව පදිං­චිව සිට ඇති බවත් ඔහු දික්වැල්ලේ, බතී­ගම පදිං­චි­ක­රු­වකු බවත් විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ. මෙරට ඉති­හා­සයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­කුගේ මුදල් මෙත­රම් ප්‍රමා­ණ­යක් සොයා­ගත් පළමු අව­ස්ථාව මෙය වන බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. මෙම මුදල් මත්කුඩු ජාවා­ර­මෙන් උප­යා­ගත් ඒවා බව මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යට ලැබී ඇති තොර­තු­රු­වල සඳ­හන්ය.

මැඩ­ග­ස්ක­රයේ සිට මෙර­ටට රැගෙන ඒමෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව තුළ හරක් කටාව වස­ර­කට වැඩි කාල­යක් තිස්සේ රඳ­වා­ගෙන පරී­ක්ෂණ පැවැත්වූ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පවා හරක් කටාගේ මෙම මත්කුඩු ජාලය ගැන කිසිදු තොර­තු­රක් සොයා ගැනී­මට හැකි­යා­වක් ලැබී නොති­බුණි. හරක් කටා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන සිටි කාලය තුළ දූෂිත නිල­ධා­රීන් ඇතුළු විවිධ තරා­ති­රමේ පුද්ග­ල­යන් ඔහු­ගෙන් විවිධ වර­ප්‍ර­සාද ලබා­ගත් බව කියැවේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යං­ශය විසින් හෙළි­ක­ර­ගෙන ඇති තොර­තු­රු­ව­ලට අනුව හරක් කටා බන්ධ­නා­ගා­ර­ග­තව සිටි­මින් ද මත්කුඩු ජාවා­රම මෙහෙ­ය­වනු ලබයි. හරක් කටා­ගෙන් කර ඇති ප්‍රශ්න කිරී­ම්වල දී ඔහු පවසා ඇත්තේ තමා අවස්ථා 10ක දී එක­වර කිලෝ 400 බැගින් මත්කුඩු කිලෝ 4000ක් මුහුදු මාර්ග ඔස්සේ ගෙන­විත් ඇති බවය. එම මත්කු­ඩු­ව­ලින් කිලෝ 400ක ප්‍රමා­ණ­යක් හැරු­ණු­කොට සෙසු සිය­ලුම මත්කුඩු ගොඩ­බි­මට රැගෙ­න­විත් බෙදා හැර ඇති බව ද ඔහු පවසා තිබේ. එක් මත්ද්‍රව්‍ය කිලෝ­ව­කින් ඔහුට ලැබෙන ශුද්ධ ආදා­යම රුපි­යල් ලක්ෂ 25ක් වන බව ද ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. හරක් කටා මේ වන­විට බන්ධ­නා­ගා­ර­ග­තව සිටින අතර ඔහු නැව­තත් මත්කුඩු ජාවා­රම බන්ධ­නා­ගා­රයේ සිට සිදු­ක­රන බවට සැක­ක­රන තොර­තුරු ඔස්සේ විම­ර්ශන ද සිදු­වෙ­මින් පව­තියි.

පසු­ගිය වසරේ සැප්තැ­ම්බර් 23 වැනිදා සිට 2025 වසරේ ජන­වාරි 10 දක්වා කාලය තුළ කළ වැලී­ම්ව­ලින් සහ මෙහෙ­යු­ම්ව­ලින් හෙරො­යින් කිලෝ 373ක්, ගංජා කිලෝ 3, 504ක්, අයිස් කිලෝ 751ක්, කොකෝන් කිලෝ 7ක්, හෂීස් කිලෝ 167ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය කිලෝ 482ක් සොයා­ගෙන ඇති බව වැඩ බලන පොලි­ස්පති නීතීඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT