Home » සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස

සටන් විරාමය මැද පලස්තීන සිරකරුවන් 90කට නිදහස

by chanaka
January 20, 2025 1:11 pm 0 comment

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ ඊයේ(19) ආරම්භ වූ නව සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇතැයි ඊශ්‍රායලය බන්ධනාගාර සේවය පවසයි.

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුද ගාසා නගයේ රතුකරුස සංවිධානය වෙත බාරදී තිබෙනවා. එය සිදුව ඇත්තේ, සටන් විරාමය ආරම්භ වී පැය කිහිපයකට පසුවයි.

දීර්ඝ කාලයක් අපේක්ෂාවෙන් සිටි ගාස් තීරයේ නව සටන් විරාම ගිවසුමේ පළමු අදියර යටතේ මෙම පලස්තීන සිරකරුවන් 90 දෙනා නිදහස් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දිනයේ හමාස් සංවිධානය විසින්, නිදහස් කිරීමට නියමිත ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන්ගේ නම් ලැයිස්තුව ඊශ්‍රායල අගමැති කාර්යාලයට ලබාදී ඇති අතර, ඒ අනුව, ප්‍රාන ඇපකරුවන් තිදෙනා නිදහස් කර තිබේ.

31 හැවිරිදි ඩොරන් ස්ටයින් බ්‍රෙකර්, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල ද්විත්ව සම්භවයක් ඇති 28 හැවිරිදි එමලි ඩමාරි සහ 24 හැවිරිදි රෝමී ගෝනන් එම කාන්තාවන් ය.

මොවුන් තිදෙනා රතුකුරුස සංවිධානය යටතේ ටෙල්අවිව්හි රෝහලක ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්වය ස්ථාවර බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

හමාස් සංවිධානය පවසන්නේ, නිදහස් කෙරෙන සෑම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකු වෙනුවෙන්, පලස්තීන සිරකරුවන් 30 දෙනෙකු නිදහස් කළ යුතු බවයි.

ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතර නව සටන් විරාම ගිවිසුම අදියර 3 කින් සමන්විතයි. පළමු අදියර සති 6 ක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. දෙපාර්ශ්වය අතර ගිවිසුම ක්‍රියාත්මක වීමට පෙර ඊශ්‍රායල
අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ, මෙම සටන් විරාමය තාවකාලික එකක් බවයි. ගාසා තීරය වෙත ප්‍රහාර යළි ආරම්භ කිරීමට ඊශ්‍රායල රජයට අයිතියක් ඇති බවද ඔහු සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT