Home » පැය තුනක ප්‍රමා­ද­ය­කින් පසු ගාසා තීරයේ සටන් විරා­මය ඇර­ඹෙයි

පැය තුනක ප්‍රමා­ද­ය­කින් පසු ගාසා තීරයේ සටන් විරා­මය ඇර­ඹෙයි

by damith
January 20, 2025 1:19 am 0 comment

දීර්ඝ කාල­යක් පුරා පල­ස්තීන ජන­තාව පීඩා­වට පත් කළ යුද ගැටුම් තාව­කා­ලි­කව අත්හි­ටු­ව­මින් ගාසා තීරයේ සටන් විරාම ගිවි­සුම ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සටන් විරා­මය ආරම්භ වූයේ පළමු දින­යේදී නිද­හස් කිරී­මට නිය­මිත ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන්ගේ නම් ලැයි­ස්තුව නිකුත් කිරීම හමාස් සංවි­ධා­නය විසින් ප්‍රමාද කරනු ලැබීම හේතු­වෙන් නිය­මිත වේලා­වට වඩා පැය තුන­කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අදි­යර 3කින් ක්‍රියා­ත්මක වන ගාසා සටන් විරා­මයේ පළමු දින­යේදී ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් තිදෙ­නකු නිද­හස් කිරී­මට හමාස් සංවි­ධා­නය එක­ඟ­තාව පළ කර තිබූ අතර, ඒ අනුව ඊශ්‍රා­යල ජාතික කාන්තා­වන් තිදෙ­නකු නිද­හස ලැබී­මට නිය­මි­තව තිබූ බවද වාර්තා වේ. ප්‍රාණ ඇප­ක­රු­වන්ගේ නම් ලැයි­ස්තුව නිකුත් කිරීම ප්‍රමාද වූ පැය කිහි­පය තුළ­දිත් ඊශ්‍රා­යල හමු­දාව ගාසා තීර­යට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයි ද, එම ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යන් 19 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT