Home » නිවෙසට සමීප රෝහලකදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව ළඟදීම

නිවෙසට සමීප රෝහලකදී පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව ළඟදීම

by yasara
January 20, 2025 5:00 pm 0 comment

නුදුරේදීම පිළිකා රෝගීන්ට නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පිළිකාවට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, හම්බන්තොට සහ රත්නපුර යන රෝහල්වලට උසස් විකිරණ චිකිත්සක උපකරණ ගෙන ඒමේ දෙවන අදියර ආරම්භ කර ඇත.

ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම අද (20) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

නිවෙසට සමීප රෝහලකදී පිළිකා සඳහා වන විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවීම පිළකා රෝගීන්ගේ මෙන්ම පවුලේ සියලු දෙනාගේද බර සැහැල්ලු කරනු ඇති ද අමාත්‍යවරයා වැඩිදුර පවසයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT