Home » කුඹුරු අක්කර 1000 ක් යට කරමින් අම්පාර ගල් ඔයේ ඉවුරු කැඩී යයි

කුඹුරු අක්කර 1000 ක් යට කරමින් අම්පාර ගල් ඔයේ ඉවුරු කැඩී යයි

by chanaka
January 20, 2025 3:45 pm 0 comment

අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි, වාර්තා වන්නේ.

මෙම කුඹුරු බොහොමයක ගොයම පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්නයේ තිබූ කුඹුරු රැසක්ද තිබූ බව වාර්තා වේ.

ගම්වාසින් චෝදනා කරන්නේ, නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු විනාශකර වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවයි.

කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT