Wednesday, April 23, 2025
Home » තලල්ලේ බස් අනතුරින් 61 දෙ‍ෙනකුට තුවාල

තලල්ලේ බස් අනතුරින් 61 දෙ‍ෙනකුට තුවාල

by damith
January 20, 2025 1:16 am 0 comment

ගන්දර සමූහ - ජය­සිරි පේදු­රු­ආ­රච්චි

ගන්දර පොලිස් වසමේ තලල්ල දකුණ, පානාර හන්දි­යට නුදු­රින් පිහිටි වංගුවේ දී බස් රථ දෙකක් එකි­නෙක මුහු­ණට මුහු­ණලා ගැටී­මෙන් ඇතිවූ රිය අන­තු­ර­කින් තුවාල ලැබූ මගීන් 61 දෙනකු පමණ මාතර මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇත. තුවාල ලැබූ­වන් අතර විදේ­ශි­ක­යකු, කාන්තා­වන් 30ක් හා දරු­වන් තිදෙ­නකු වන බව පොලී­සිය පැව­සු­වේය.

බර­ප­තළ තත්ත්වයේ සිටි දෙදෙ­නෙක් ගාල්ල කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

ඊයේ (19) පෙර­වරු 9.30ට පමණ මෙම අන­තුර සිදුව ඇති අතර මාතර සිට ඇඹි­ලි­පි­ටිය බලා ධාව­නය වූ පෞද්ග­ලික මගී ප්‍රවා­හන බස් රථ­යක් සහ තංගල්ලේ සිට මාතර දෙසට ධාව­නය වූ පෞද්ග­ලික මගී ප්‍රවා­හන බස් රථ­යක් මුහු­ණට මුහුණ ගැටී­මෙන් මෙම අන­තුර සිදුව ඇති අතර එක් බස් රථ­යක් අසල නිවෙසේ තාප්පයේ ගැටී එහි කොට­සක් ද කඩා වැටී ඇතැයි ඇතැයි ගන්දර පොලී­සිය කියයි.

අන­තුර සිදු­වෙන අව­ස්ථාවේ වැස්සක් ඇද­හැ­ලෙ­මින් තිබී ඇති අතර අන­තු­රින් බස් රථ දෙකෙ­හිම ඉදි­රි­පස කොටස් කුඩු වී විනාශ වී තිබෙනු දක්නට ලැබිණි. අන­තු­රින් පසු එක් බස් රථ­යක දුමක් නගි­මින් ගින්නක් හට ගැනී­මට ආස­න්නව තිබී ඇති අතර අසල නිවෙසේ සිටි ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ විශ්‍රා­මික ඉංජි­නේ­රු­ව­ර­යකු වූ ලැන්ටි රත්න­සිරි මහතා වහාම බස් රථයේ බැට­රියේ වයර ගලවා දමා සිදු­ව­න්න­ට­ගිය විශාල අන­තු­රක් වළ­ක්වා­ලී­මට පිය­වර ගෙන ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි විකුම් ගිනිගේ මහතා සඳ­හන් කළේ අන­තු­රින් බස් රථ­වල ගමන් ගත් මගීන් හැට එක් දෙනකු තුවාල ලබා මාතර මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බවත් ඉන් කිසි­ව­කු­ටත් මාරා­න්තික තුවාල නැති බව හා බස් රථ දෙකෙහි අධික වේගය නිසා මෙම අන­තුර සිදුව ඇති බවට මූලික පොලිස් විම­ර්ශ­න­වල දී අනා­ව­ර­ණය වී ඇති බවයි.

තලල්ල ග්‍රාමීය රෝහලේ ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කළේ තුවාල ලැබූ­වන් මූලික ප්‍රති­කා­ර­ව­ලින් පසු ගිලන් රථ හතක් යොදා ගෙන මාතර මහ රෝහ­ලට යැවී­මට කට­යුතු කළ බවයි.

පසුව ගන්දර පොලිස් ස්ථානා­ධි­පති දේශ­බන්දු සේනා­රත්න හා අප­රාධ විම­ර්ශන ඒක­කයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක සලින්ත මහ­ත්වරු ඇතුළු ගන්දර පොලී­සියේ නිල­ධා­රීන් විසින් බැකෝ යන්ත්‍ර­යක් හා දොඹ­කර රථ­යක් ගෙන්වා බස් රථ දෙක මාර්ග­යෙන් ඉව­ත්කොට ප්‍රධාන මාර්ගයේ රථ­වා­හන ගම­නා­ග­ම­න­යට ඉඩ පහ­සු­කම් සලසා දීමට පිය­වර ගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT