Home » ජාතික තෛපොංගල් සැමරුම යාපනයේ දී පැවැත්වෙයි

ජාතික තෛපොංගල් සැමරුම යාපනයේ දී පැවැත්වෙයි

by chanaka
January 19, 2025 4:01 pm 0 comment

2025 ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය යාපනය,තෙල්ලිප්පලෙයිහි දී ඊයේ(18) පැවැත්වුණි. ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙනි.

උදාසන ශ්‍රී දුර්ගාදේවී අම්මාන් කෝවිල් පරිශ්‍රයේදී පැවැති හින්දු අගමික වතාවත්වලින් අනතුරුව නව වසරට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් කිරි ඉතිරවීම සිදු කෙරුණි.

විශේෂ සංස්කෘතික පාගමන කෝවිල් පරිශ්‍රයේ සිට තෙලිප්පලෙයි යූනියන් විද්‍යාලය දක්වා පැමිණි අතර ජාතික තෛපොංගල් උත්සවය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. ජාතික තෛපොංගල් උත්සවය විචිත්‍රවත් සංස්කෘතිකාංග වලින් අලංකාර කර තිබුණි.

සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, කරුණානාදන් ඉලන්කුමරන්, ෂන්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා, වෛද්‍ය නජිත් ඉන්දික, අම්බිකා සැමුවෙල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු ඇතුළු මහත්ම මහත්මීන් ද කලාකරුවන් නියෝජනය කරමින් සම්මානනීය ලේඛක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, සම්මානනීය ලේඛක කීර්ති වැලිසරගේ, ජයතිලක කම්මැල්ලවීර, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් වන චන්ද්‍රසෝම බින්දුහේවා, ප්‍රසන්නජිත් අබේසූරිය, චමිලා පීරිස් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT