Home » අභියාචානාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල ජනපතිට ඉල්ලා අස් වීම යොමු කරයි

අභියාචානාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල ජනපතිට ඉල්ලා අස් වීම යොමු කරයි

by chanaka
January 19, 2025 3:46 pm 0 comment

රජය, දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමට සූදානමින් සිටි, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා සිය ඉල්ලා අස්වීම මේ වන විටත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ අනුව, විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා නෙරපා දැමීම සදහා ගෙන ඒමට නියමිතව තිබුණු දෝශාභියෝග යෝජනාව නවතා දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබෙන බව සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT