තේරීපත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්ති උත්සවය වොෂින්ටන් නුවර ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාවේ තේරීපත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය හෙට (20)ට යෙදී තිබේ.
සාම්ප්‍රදායිකව මෙම පදවිප්‍රාප්ති උත්සව අමෙරිකානු පාර්ලිමේන්තුව එනම් කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන බව සඳහන්වේ.
කෙසේ නමුත් පවතින අධික ශීත කාලගුණය සලකා ඉතිහාසයේ පළමුවරට මෙවර පදවිප්‍රාප්තිය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට සිදුව තිබේ.
වොෂින්ටන් හි කැපිටල් වන් ඇරීනා ගොඩනැගිල්ලේ මේ අනුව උත්සවය පැවැත්වෙනු ඇත.
මේ ස්ථානයේ 20,000කට අසුන් ගැනීමට හැකි බවද වාර්තා වේ.
මේ අතර පදවි ප්‍රාප්තියෙන් අනතුරුව කැපිටල් වන් අරීනා ඉදිරිපිට ‘මේක් ඇමෙරිකා ග්‍රේට් අගේන් වික්ටරි රැලී’ නම් මැතිවරණ රැලියකට සමාන ස්වරූපයකින් රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඊට අමතරව, පෙන්සල්වේනියා හි දී හමුදා වාදන කණ්ඩායම්, පාසල් තූර්යවාදක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ රැලියද අවලංගු කර ඇතැයි වාර්තා වේ.