Home » ලොව හොඳම කෘත්‍රීම බුද්ධි යෝජනාවට හිමි සම්මානය ලංකාවට

ලොව හොඳම කෘත්‍රීම බුද්ධි යෝජනාවට හිමි සම්මානය ලංකාවට

by chanaka
January 19, 2025 4:25 pm 0 comment

මැලේසියාවේ Help University හි ඊයේ(18) රාත්‍රි පැවති ලෝක පාසල් සමුළුවෙන් පසු පැවැත් වු සම්මාන ඇගයිම් උත්සවයේ දී ‘ලොව හොදම කෘතිම බුද්ධි යෝජනාවට හිමි සම්මානය’ ශ්‍රී ලංකාවේ ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාට පිරිනැමුණි.

ඒ නව තාක්ෂණය හා නවෝත්පාදනය යටතේ ඔහු ලෝක පාසල් සමුළුවට ඉදිරිපත් කල “පාසල් කෘතීම බුද්ධිය” නැමති යෝජනාවටය.

පාසල් විෂය තුල කෘතීම බුද්ධිය ඉගැන්වීමේ වුවමනාව හා එසේ කිරීමේ ක්‍රමවේදය ඇතුලත් යෝජනාව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම සම්මානය ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා වෙත පිරිනමා ඇත.

සමුළුව සදහා රටවල් 85ක් නියෝජනය කර තිබුණි.

පසුගිය 15වැනිදා සිට මැලේසියාවේ ඇරඹි ලෝක පාසල් සමුළුවේ නව තාක්ෂණය හා යෝජනා පිළිබද සාකච්ඡා ඊයේ උදෑසන ආරම්භ වූයේ Help University හි උප කුලපති මහචාර්ය Liew Teik kooi මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි සමුළුව අවධාරණය කළේ, වෙනස්වන ලෝකයට අනාගතය සුදානම් කිරිමේ වගකීම පාසල වෙත පැවරෙන බවයි.

එසේ භාරදෙන ලෝකවට ශ්‍රී ලංකාකව නියෝජනය කරමින් ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල ඉදිරිපත් කර තිබු යෝජනාව කෘත්‍රිම බුද්ධිය පිළිබද අංග සම්පුර්ණ ඉගැන්වීම් ක්‍රමවේදයක් බව එහිදී සදහන් විය.

ඒ අනුව ලෝකයේ කෘත්‍රීම බුද්ධිය ඉගැන්වීමේ ක්‍රමවේදය ඇතුලත් යෝජනාවට ලෝක පාසල් සමුළුවේ දී ‘ලොව කෘත්‍රීම බුද්ධි ඉගැන්වීම් ක්‍රමවේදයට හිමි විශිෂ්ටම සම්මානය ශ්‍රී ලංකාවට හිමි වුණි.

නුවරඑළිය සෙන් සේවියර් විද්‍යාලයෙන් ආරම්භ කළ කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය හා මාතලේ විජයපාල විද්‍යාලයේ, මහනුවර ශ්‍රී ධිරාන්නද විද්‍යාලයේ ක්‍රියාත්මක යෝජනාවට අදාල කෘත්‍රීම බුද්ධි ඉගැන්වීම් ක්‍රම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිමේ නියමු ව්‍යපාතිය පිළිබදව සමුළුව මෙහිදි අවධානය යොමු කළේය.

අධ්‍යාපන, ක්‍රිඩා, නව නිපැයුම්, අදහස් හා යෝජනා නිර්මාණ, සංවර්ධනය, පාසල් නවොත්පාදන හා ඉගැන්වීම යන අංශ යටතේ බොහෝ පිරිසක් මෙහිදී ඇගයීමට ලක්විය.

අධ්‍යපන, අභියෝග,විශේෂ හැකියාවන් හා කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ආචාර්ය මැලේසියා Help University හි ක්‍රියාකාරි අධ්‍යක්ෂ ආචාර්ය Goh Chee Leong මහතා ඇතුලු ව්‍යපාරික ,අධ්‍යපන හා උසස් අධ්‍යාපන ආයතන ප්‍රධානින් රැසක් මීට එක්ව සිටියහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතා කියා සිටියේ “සුරෙන් ස්වාමිනාතන් මහතා ගාමිණි කංනන්ගර මහතා මේ සදහා ලබාදුන් සහය නොවන්නට මෙම් සම්මානය ලංකාවට හිමිනොවන්නට ඉඩ තිබු බවයි. ඒ මොහොතේ තමන් දිරිමත් කරමින් මේ වැඩසටහනට සහභාගී කරවීමට උනන්දු කළ හැටන් නැෂනල් බැංකුවේ ලසිත විමලරත්න මහතා ඇතුළු කළමනාකරිත්වය ලබාදුන් සහය ද මැණික්දිවෙල මහතා සිහිපත් කළේය. AI තාක්ෂණයෙන් කරන්න දේවල් රැසක් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT